Published
2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරාක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව පෙබරවාරි මස 19 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.
අදාල පෙත්සම පිළිබඳව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉදිරියේ අද කරුණු සලකා බැලීම සිදුවුණා.
එම විභාගය අවසන් වීමෙන් අනතුරුව අදාළ පෙත්සමේ තීන්දුව පෙබරවාරි මස 19 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නිවේදනය කළා.




