Published
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික පිළිකා රෝගීන් සදහා ලබාදෙන තැඹිලි දානය අවලංගු කර තිබෙනවා.
සතියේ දින හත පුරාම පෙරවරුවේ පරිත්‍යාගශීලින් පැමිණ රෝගීන් වෙත එලෙස තැඹිලි වතුර ලබාදීම සිදු කෙරුණා.
කෙසේවෙතත් පරිත්‍යාගශීලීන් විසින් රෝගීන් ළගටම ගොස් එලෙස තැඹිලි වතුර ලබාදීම හරහා ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එම් කේ සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ.




