Published
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ.
හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පූර්ව ගංවතුර පිලිබද ඇම්බර් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඉදිරියේදී තවදුරටත් වැසි ලැබිය හැකි බැවින්, සිදුවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


