අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය අදයි.

ඒ අනුව ආරක්‍ෂක, මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

මේ අතර චන්ද්‍රිකා තාක්ෂණය මගින් ධීවරයින්ට මසුන් ඇති ස්ථාන පිළිබද දැනුම් දීමට සකස් කල ජංගම දුරකතන ඇප් එකේ ප්‍රගතිය තවමත් සියයට 40ක මට්ටමක පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා චෝදනා කරනවා.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සදහා වෙන් කල මුදල් ද නිසි පරිදි වියදම් කර නොමැති බවයි.

මසුන් ඇති ස්ථාන පිළිබද දැනුම් දීමට සකස් කල ජංගම දුරකතන ඇප් එක ප්‍රායෝගික නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා.