Published
වෙනස්කම් සහිතව සුපුරුදු වේලාවට සාගරිකා දුම්රිය ලබන සදුදා සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදි (24) එම දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදි පීළිපැනීමකට ලක් වුණා.
එහිදී එම දුම්රියේ මැදිරි 7ක්ම පීලි පැනීමකට ලක්ව තිබුණා.
කෙසේවෙතත් එම දුම්රිය යළි පීළිගත කිරීමෙන් පසු එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
අලාභහානී වූ දුම්රිය මැදිරි වෙනුවෙන් වෙනත් මැදිරි එක් කර ලබන සදුදා (27) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන්නේ දැයි සොයා බැලීමට පොලීසියට අයිතියක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.



