නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි.

එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 477කට අධික තොගයක් ඩිංගි යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

ඔවුන් මීගමුව, සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.