Published
බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ආපදාවට පත්ව සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද උදෑසන සමත් වුණා.
මෙම ධීවරයා පසුගිය වනදා මීගමුව, පිටිපන ධීවර වරායෙන් ඩිංගි යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී යාත්‍රාව අක්‍රීය වීම හේතුවෙන් මුහුදේ අතරමංව සිටියදී, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් එම ධිවරයින් බේරාගෙන තිබෙනවා.







