යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හෝමාගම, කටුවාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 125 මිලිග්‍රෑම් 800 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සදහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.