යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටි.රවිහරන් මහතා අද(18) උදැසන මුලතිව්,නන්දිකඩාල් කලපුවේදී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර නන්දිකඩාල් කලපුව වෙත මල් ඉසිමින් මියගිය පිරිස්වල ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කිරීම එහිදි සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් 17 වන සැමරුම් වැඩසටහන අද(18) උදැසන මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය අසළදි පැවැත්වීමට නියමිතව තිබුණා.

මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ෆාරා 3 නැව පැවති වෙරළ සීමාවේ අද විශේෂ දේව පූජාවක් පවත්වමින් මියගිය පිරිස්වල ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට නියමිතව තිබෙනවා.

සෑම වසරකම මැයි 18 වැනිදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුලතිව්,මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සැමරුම් ස්මාරකය අභියසට පැමිණ යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සමරනු ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.