මාතර, වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ යුද හමුදා නිලධාරියෙකු අද අලුයම එලෙස ඝාතනය කර ඇති බවයි.

ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිගයාමෙන් පසු වැඩිමහල් සහෝදරයා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි යුද හමුදා නිලධාරියෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකාර වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බවයි මාතර පොලීසිය පැවසුවේ.