හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ජූලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන්
අත්අඩංගුවට ගෙන ඇත්තේ.
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවාගනු ලැබ සිටිනවා.
එම රැදවුම් නියෝග ඉවත් කර ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සදහායි අල්ලස් ලබාගත් බව කියවෙන්නේ.
මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මේ බවට චෝදනා කළා.




