ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැළිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි.
ඊට ඇති සූදානම කෙසේද?
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමග සිදුකල සංවාදයක් පහතින්
ලහිරු කපුගේ : කොහොමද දැන් වර්තමානයේ තත්ත්වය?
තිස්ස කුට්ටිආරච්චි මහතා : අපේ සෑම සමාජ ස්තරයක්ම නියෝජනය කරන ජනතාව අපෙත් එක්ක එකතු වෙලා බොහොම පැහැදිලිව කතා කරේ මේ ජනාධිපතිතුමා එලවන්න, ආණ්ඩුව එලවන්න ඒ කතා නෙමෙයි. හැබැයි මේ ආණ්ඩුව කරගෙන යන අත්තනෝමතික ක්‍රියා, දරුණු පාලනයට විරුද්ධව අපිට යම් අවස්ථාවක් දේශපාලනික වශයෙන් හදලා දෙන්නකෝ ඒ මිනිස්සුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළවෙනි විරෝධතා රැලිය ආරම්භ කරේ. අපේ පක්ෂයේ තරුණ නායක නාමල් රාජපක්ෂ ආදරණීය තරුණ නායකයාගේ මූලිකත්වයෙන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා මං හිතන්නේ අති විශාල මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ආසන 7යි, ඒ වගේම අපේ ඡන්ද කොට්ඨාස 225යි, අපේ ආසන අපේ ග්‍රාම සේවක වසම එහෙම නැත්නම් තුලාන 693යි, ඒ සෑම තැනකම නියෝජනය කරන විශාල ජනතාවක්...
ලහිරු කපුගේ: ඔව්, විශේෂයෙන්ම රැලිය සංවිධානය කරන අතරතුර තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නේ. ඇත්තටම රැලියට අභියෝගයක් නෙවෙයිද මේක?
තිස්ස කුට්ටිආරච්චි මහතා : ඇත්තටම රැලියට අභියෝගයක්, මේ ප්‍රධාන ආරාධිතයා, ප්‍රධාන කථිකයා අපි හැමගේ බලාපොරොත්තුව. එතුමාව සිරකරාම ආණ්ඩුවත් බලාපොරොත්තු වුණේ මේ රැලිය කඩාකප්පල් වේවි කියලා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕන නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ සටනක් නෙමෙයි අපි ආරම්භ කරේ. නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ පළවෙනි ජන රැලිය නෙමෙයි අපි ආරම්භ කරේ. එතුමාගේ හිතේ තිබුණේ මේ ආණ්ඩුවට විරුද්ධව රටෙන් නැගී එන ජනමතය පුළුඹු... පිළිඹිඹු කිරීම සඳහා විරෝධතා ජන රැලියක්. එතකොට විරෝධතා ජන රැලියේදී සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන සෑම කෙනෙක්ම තමයි විරෝධය දක්වන්න එන්නේ. මෙතනදී නාමල් රාජපක්ෂ අපේ ආදරණීය තරුණ නායකයා නැති වුණා කියලා ඒ බිමේ පීඩනය නතර කරන්න කවුරුවත් කැමති වුණේ නෑ.
ලහිරු කපුගේ : ඔව්, කෙසේ වෙතත් සාකච්ඡාවට ලක්වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාගී නොවූණට එතුමන්ගේ බිරිඳ සහභාගී වෙනවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙනවා. ඇත්තටම කවුද සහභාගී වෙන්න නියමිතව තියෙන්නේ?
තිස්ස කුට්ටිආරච්චි මහතා : මම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ සහභාගී වන කාරණාව අද වෙනකම්, මේ වෙනකම් දිස්ත්‍රික් නායකයා විදියට මාව දැනුවත් කිරීමක් හෝ මේ රැස්වීම සඳහා සහභාගී වීමක් පක්ෂයෙන් නිල වශයෙන් මට දැනුවත් කරලා නෑ. හැබැයි මුල ඉඳලම හිටියා අපි අපේ පක්ෂයේ නායකයා, තවමත් අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ ආදරණීය හිටපු ජනාධිපතිතුමා, එතුමා මුල ඉඳලම මේ රැලිය සඳහා සහභාගී වීම සඳහා සැලසුම් හදාගෙන හිටියා. අද වෙනකොට තීරණය කරනවා එතුමාගේ සහභාගීත්වය. මේ වෙනකොට මට ලැබිලා තියෙන පක්ෂයෙන් ලැබිලා තියෙන නිල නිවේදනයත්, පක්ෂයේ නායකයින් එක්ක කතා කිරීමත් එක්ක මට ලැබිලා තියෙන පිළිතුර තමයි මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා අනුරාධපුරයට අනිවාර්යයෙන්ම රැලියට සහභාගී වෙනවා.
ලහිරු කපුගේ: විශේෂයෙන්ම සඳහන් කළොත් ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගයේ පිරිසක් මෙයට සහභාගී වෙනවාද, ආරාධනා කරලා තියෙනවාද, කාටද ආරාධනා කරලා තියෙන්නේ?
තිස්ස කුට්ටිආරච්චි මහතා : ඒ නිල කර්තව්‍යයන් සියල්ලම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ටත්, මහලේකම්තුමාටත් මේ වෙලාවේ භාරදීලා තියෙන්නේ තීන්දු තීරණ ගන්න. මේ වෙනතෙක් එළියෙන් පැමිණෙන කථිකයෝ කවුද, පක්ෂ වලින් කවුද පැමිණෙන්නේ කියන කාරණාව මා සමග සාකච්ඡා කරේ නෑ.
ලහිරු කපුගේ : විශේෂයෙන්ම සඳහන් කළොත් සමාජ මාධ්‍ය තුළත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් ප්‍රකාශ කරන දෙයක් තමයි බත් පැකට් එකටයි, මුදලටයි, මත්ද්‍රව්‍ය වලටයි තමයි මේ රැලියට සහභාගී වෙන අය එන්නේ කියන එක. දිස්ත්‍රික් නායකයා විදියට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
තිස්ස කුට්ටිආරච්චි මහතා: ජනතා විමුක්ති පෙරමුණේ, NPP එකේ රැලියකට ජනතාව සහභාගී වන ආකාරයටම සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ පක්ෂ ජන රැලියක් කරපු අවස්ථාවකදී ඒ ජන රැලී වලට ජනතාව සහභාගී වෙනවා සේම මේ ජන රැලියටත් ජනතාව සහභාගී වෙනවා.




