එල්ල වූ පදනම් විරහිත චෝදනා සහ ඒ හරහා ඇති වූ පීඩනය හේතුවෙන් නුදුරේදීම තමන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා පවසනවා.
සිය රාජකාරී කාලය තුළ තමන් යටතේ සේවය කළ පොලිස් නිලධාරීන්ට ද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දුන් බවයි සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියාසිටියේ.
තමන් අයුතු ලෙස කිසිදු මුදලක් හෝ දේපළක් උපයා නැතැයි ද ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා මීට පෙර බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළා.
ඒ අනුව පසුගිය කාලසීමාව තුළ දිවයිනේ නම ගිය පාතාල සාමාජිකයන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසය සමත් වුණා.
එවන් පසුබිමක් තුළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරු කෙරුණා.




