Published
ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ‘ශිරාන් බාසික්‘ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.
අවුරුදු 48 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දෙහිවල, මිරිහාන, ගල්කිස්ස, පිළියන්දල සහ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම්, ගිනිඅවි සහ තියුණු ආයුධ සන්තකයේ තබාගැනීම් මෙන්ම නීති විරෝධී රැස්වීම්වල සාමාජිකයෙකු වෙමින් හානි සිදුකිරීම් සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැකකෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳව ද ඉදිරියේදී විමර්ශන සිදුකිරීමට නියමිතයි.
පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් පරිදි සැකකාර ශිරාන් බාසික් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.




