Published
විදෙස් රැකියා ලබාදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී වෙද නළාවක් ද සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මහනුවර සහ වේයන්ගොඩ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මීට පෙර මෙලෙස මුදල් ලබාගැනීම හේතුවෙන් අදාළ පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
සැකකරු පොළොන්නරුව අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.




