Published
රට හමුවේ ඇති ප්‍රධාන ගැටලුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම නොව, ඉදිරියේදී ගෙවීමට ඇති විදේශ ණය ගැටළුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එහෙත් කිසිදු පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.
හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත ”යුධ දෙකකට උර දී” යන ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
2027 වසරේ මාර්තු මස අවසානය වන විට අයි.එම්.එෆ්. ගිවිසුම අවසන් වන බැවින් ඉන් අනතුරුව ආණ්ඩුව ගන්නේ කුමන ක්‍රියාමාර්ගයක්දැයි රට හමුවේ පැහැදිලි කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.



