රත්තරන් කිලෝ 3 යි ග්‍රෑම් 930 කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් එක් කෝටි හැට නව ලක්‍ෂයක් සමග සැකකරුවන් 10 දෙනෙකු වත්තේගමදී ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවයි.

මෙම සැකකරුවන් මඩවල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස කොටහේන, වැල්ලවත්ත, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.