Published
කාන්තාවකගේ ගෙල බැඳ තිබූ පවුම් දෙකක් පමණ බරැති රන් මාලයක් සහ පෙන්ඩනයක් මංකොල්ලකා පලා ගිය කොල්ලකරුවන් දෙදෙනකු පැයකට අඩු කාලයක දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
හල්දුමුල්ල, බත්ගොඩ ප්රදේශයේදී සිදුවූ මෙම කොල්ලකෑමෙන් අනතුරුව සැකකරුවන් වෑන් රථයකින් පලා ගොස් තිබුණා.
ඒ සම්බන්ධයෙන් වහා ක්රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් නිලධාරීන් සමනළවැව පොලිසියේද සහාය ඇතිවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් වීරකැටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.




