2027 වසරේ දී රජය විසින් අපේක්ෂා කරන බිලියන 6,230ක ආදායමෙන්, පැරණි ණය වාරික සහ පොලී ගෙවීම සඳහා පමණක් බිලියන 4,850ක් වැය කිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම 2027 වසරේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා බිලියන 2,185ක් වෙන් කර ඇති බවත් ඒ අනුව ණය වාරික, පොලී වාරික, වැටුප් සහ විශ්‍රාම වැටුප් යන සියල්ල ගෙවීම සඳහා බිලියන 7,035ක් වැය වන බවත්ි ජනාධිපතිවරයා පැවසුවා.
මේ හේතුවෙන්, උපයන සමස්ත ආදායම ණය වාරික, පොලී, වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බැවින්, ඒවා ගෙවීම සඳහා පමණක් බිලියන 805ක් ණයට ගැනීමට සිදුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
''යළි එවැනි අර්බුදයක් ශ්‍රී ලංකාවේ අපේ මාතෘ භූමිය තුළ අපේ දරුවන්ට අත්විඳින්න ඉඩ නොදෙන රටක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. ඒක තමයි බලාපොරොත්තුව. අපිට එහෙම රටක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මොන වගේ රටක්ද? යළි එවැනි අර්බුදයක් ඒ ඉතිහාසයට පමණක් හිමිකම් කියන, අනාගතයේ කවදාවත් සිදු නොවෙන තත්ත්වයකට අපි මේ රට ගේන්න. ගේනවා නම් මොකක්ද වැදගත්? මූල්‍ය විනය. ආර්ථික සැලසුම්, වංචා දූෂණ තුරන් කිරීම, නාස්තිය අවම කිරීම, මේ ඔක්කොම එකතු කරගන්න ධනයක් තවත් හොඳ මූල්‍ය විනයකින් හසුරුවන්න ඕනේ. දැන් අපේ ආණ්ඩුව මම ඔබට කියන්න කැමතියි අපි ඉතාමත් හොඳ මූල්‍ය විනයකින් මේ රට හසුරුවමින් තියෙනවා. මූල්‍ය විනයේ පළමු වගඋත්තරකරුවා කවුද? මූල්‍ය විනයේ පළමු ආදර්ශකයා වෙන්න ඕනා ජනාධිපතිවරයා. ඇමති මණ්ඩලය, මන්ත්‍රීවරු. අපි ඒ මූල්‍ය විනය රැකලා තියෙනවා. මහජනයාගේ මුදල් අපි වියදම් කරනකොට නැවත අවස්ථා ගණනාවක් හිතා බලනවා මේ මුදල් මේකට යෙදවීම කොච්චර ප්‍රතිඵලදායකද. මම කියන්නේ මූල්‍ය විනයේ ප්‍රතිඵල හැටියට තමයි මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නොලැබෙන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නොදෙන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමතිවරු පස්සේ වාහන නොයන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලය හැටියට තමයි නේද ඇමතිවරුන්ගේ බංගලා අධිකරණ බවට පත් කරලා''




