Published
රත්නපුර - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ උඩඇල්ලේපොළ ප්‍රදේශයේ දී අලුත් වැඩියාවක් සඳහා මාර්ගය අසල නවතා තිබූ බස් රථයක් රියදුරා ද නොමැතිව ධාවනය වී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
එලෙස ධාවනය වීමේදී බස් රථය ත්‍රීරෝද රථයකද ගැටී ඇති අතර ත්‍රිරෝද රථයද පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පෑවසුවේ.
මෙම අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කිසිවෙකු සිට නැහැ.
ඒ අනුව වෙනත් කිසිවෙකුට තුවාල හෝ වෙනත් අනතුරක් සිදුව නොමැති බව ද පොලිසියට පැවසුවා.
බස් රථය මෙලෙස රියදුරු ද නැතිව ඉබේ ධාවනය වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවටයි සැක කෙරෙන්නේ.
ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙනවා.







