ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නිපුනි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව දිවයිනට පැමිණියා.
චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම ඇය දිනා ගත්තේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වදිමින්.
අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් නිපුනි ජයග්‍රහණය වාර්තා කළ අතර එය 2026 වර්ෂයේ පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසයට ද එක් වුණා.
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදීද ජයග්‍රණය අත්කර ගැනීම සිය ඉදිරි බලාපොරොත්තුව බවයි දිවයිනට පැමිණිමෙන් නිපුනි වාසනා ධර්මදාස මාධ්‍ය හමුවේ කියාසිටියේ.
ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව ඇතුළු කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති ගෲප් කපිතාන් නලින් වැවකුඹුර, ලේකම් විංග් කමානඩර් විරාජ් ගමගේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ සිටියා.




