පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වාන් දොරටු හතරක් අඟල් 6 බැගින් සහ වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 3,000කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිකුත් කෙරෙනවා.

මව් ආර ජලාශයේද මේ වන විට වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්පරයට ඝන අඩි 1500කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත නිකුත් කරමින් පවතිනවා.

ඒ අනුව වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.