රාගම කුරුකුලාව පන්සල පාරේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුට තියිණු ආයුධයකින් පහරදී තවත් කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ,සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවූ අවස්ථාවේදියි.

සැකකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ අවුරුදු 85 සහ 79 යන වයස්වල පසුවන වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ලිංගික අපයෝජනයට ලක්වූ 49 හැවිරිදි කාන්තාව රාගම රෝහලේ අධිකරණ වෛද්‍යය නිළධාරිවරයා හමුවට ඉදිරිපත්කර තිබෙනවා.

අදළ සැකකරු ඉකුත් 03 වනදා හෝ ඊට ආසන්න දිනක උදෑසන රාගම කුරුකුලාව ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇත්තේ නිවසේ වත්තට නයෙකු ඇතුළු වූ බව පවසමින්.

එහිදී මෙම සැකකරු නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඔවුන්ගේ අත්පා ගැටගසා කටට රෙදිකැබලි ඔබා නිවසේ කාමර දෙකකට දමා තිබෙනවා.

ඉන් ටික වේලාවකට පසු අදාළ වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා සමඟ නිවසේ සිටින 49 හැවිරිදි ඔවුන්ගේ ඥාති දියණිය නිවසට පැමිණ ඇති බවයි විමර්ශණවලදී අණාවරණ වී ඇත්තේ.

එහිදී කාමරයක දොරක් පිටුපස සැඟව සිටිබව කියන සැකකරු නිවසට පැමිණි 49 හැවිරිදි කාන්තාවටද පහරදී ඇයට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර තිබෙනවා.

පසුව නිවසේ තිබූ මුදල් සහ වටිනාකම තක්සේරුකල නොහැකි ආභරණ කිහිපයක්ද රැගෙන සැකකරු පළාගොස් ඇති බවයි විමර්ශණවලදී අණාවරණ වුණේ.

සිද්ධිය සම්බධයෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි.