වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී සොයාගත් අවුරුදු 04 ක් වයසැති දැරියට පහරදී මහමඟ දමා ගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකාර කාන්තාව සිය සැමියා අතහැර දැරිය ද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත්ව තිබෙනවා.

ඔහු විසින් දැරියට නිතර නිතර මෙලෙස පහරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ පෙරවරුවේ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් දැරිය මෙම පාළු ස්ථානයේ දමාගොස් ඇති අතර, පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසිය විසින් දැරිය සොයාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.