Published
පානදුර සහ ඒ අවට ප්‍රදේශවල සිසු දරුවන්ගේ නැණස පෑදු වයි.එල්. රජිව පෙරේරා ගුරුතුමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කෙටි කලක් රෝගුතුරුව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 61 වන වියේ පසු වුණා.
පානදුර රාජකීය විද්‍යාලයේ සහ වෑකඩ බෞද්ධාලෝක විදුහලේ වැඩි කාලයක් සේවය කළ රජිව පෙරේරා ගුරුතුමන් නෙත් එෆ් එම් රේඩියෝව සමග ද අත්වැල් බැදගෙන සිටියා.
ඒ, නෙත් එෆ් එම් රේඩියෝව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංවිධාන කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සදහා එක්වෙමින්.
වයි. එල් රජිව පෙරේරා මහතාගේ දේහය මේ වනවිට අංක 95/බී/1, තුඩුවවත්ත පාර, ගල්තුඩේ, පානදුර දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඒ මහතාගේ අවසන් කටයුතු හෙට පස්වරු 5ට පානදුරේදී සිදු කෙරෙනවා.




