Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයද අතහැර දැමුණා.
ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන්.
ඒ අනුව එම තරගයේ එකදු පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමි වුයේ නැහැ.
දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය ද අතහැර දැමීමට සිදුවුණේ වර්ෂාව හේතුවෙන්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 41 කින් ජය ගැනීමට සමත් වූයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව එකට බින්දුවක් ලෙස එක්දින තරඟාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
එය සැලකෙන්නේ වසර 23කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හිදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසයි.




