වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හය දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින්.
ඒ අනුව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඩී සී ජානක මහතා අයගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
තංගල්ල කොට්ඨාසයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ජේ කේ එන් එස් විජේරාම මහතා නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එම් කේ ආර් හේරත් මහතා සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහා ස්ථාන මාරු කර තිබෙනවා.
එමෙන්ම ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් ඒ විජේසිංහ මහතා සාමාන්‍ය රාජකාරී සදහා ස්ථාන මාරු කර ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාසය වෙතයි.
පින්නවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ වී ඩී එස් නාලක මහතා බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
මේ අතර දෙල්වල, තෙලිකඩ, පේසාලේ, සියඹලාණ්ඩුව සහ වාකරේ පොලිස් ස්ථානාධිපති තනතුරු සදහා වෙනත් පොලිස් පරීක්ෂකවරුන් ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.




