මෙවර මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ විසින් පැවැත්වූ මැයි රැළි සම්බන්ධයෙන් පක්‍ෂ නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා.

ජාතික ජනබලවේගය පැවැත්වූ මැයි දින පෙළපාලි සහ රැළි ඉතා සාර්ථක බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

එක් රැළියකට පමණක් සීමා නොවී ඉතිහාසයේ වෙනස්ම ආකාරයෙන් මෙවර මැයි දිනය සැමරූ බවත් ඊට වැඩිම පිරිසක් එක්වූ බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සමගි ජනබලවේගයේ පැවැත්වූ මැයි දින රැළිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ මෙවර මැයි රැළිවලින් වැඩිම පිරිසක් පැමිණියේ සිය මැයි රැළියට බවයි.

කෙසේවෙතත් මෙවර මැයි දින රැළි සදහා වැඩිම ජනතාවක් සහභාගි වූයේ කුමන පක්‍ෂයට දැයි තීරණය කිරීමේ අවස්ථාව ජනතාවට භාරදිය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.