වැලිගම, කප්පරතොට මුහුදු ප්‍රදේශයේ තිබී සොයාගත් හොරොයින් තොගය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

අදාළ ප්‍රදේශයේ උර තුනක සගවා තිබූ කිලෝග්‍රෑම් 100කට අධික එම හෙරොයින් තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

එම බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදි එම හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා.

එහිදි උර තුනක තිබි සොයාගෙන ඇති හෙරොයින් පැකට් ගණන 120 ක්.

කිසියම් පාර්ශවයක් මුහුදු මාර්ගය ඔස්සේ එම හෙරොයින් තොගය ගොඩ බිමට ගෙනැවිත් තවත් පාර්ශවයකට ලබා ගැනීම සදහා එලෙස සගවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බවද පොලිසිය පැවසුවා.

ඒ අනුව එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවේ.