නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අද දින කැදවිමට නියමිතව තිබූ නඩු සියල්ල කල් දමා තිබෙනවා.

ඒ අනුව එම නඩු ලබන 11 වනදා කැදවීමටයි එම අධිකරණවල මහේස්ත්‍රාත්වරුන් පියවරගෙන ඇත්තේ.

පවතින වර්ෂාවත් සමග අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු වලට පෙනී සිටින පොලිස් නිලධාරින් සහ නඩුවලට පෙනි සිටින අනෙකුත් පාර්ශවලට පැමිණිමට තරම් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හමුවේ එම අධිකරණවල සේවය කරන නීතීඥයින් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ගෙන තිබෙනවා.