අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු සහ දකුණු අර්ධගෝලවලින් පැමිණෙන සුළං අභිසාරී වන මෙම කලාපය සක්‍රීය වීම ප්‍රධාන හේතුව වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




