Published
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා.
අද (29) උදෑසන පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ, ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ දැඩි පහරක් බවත්, එය නැවැත්විය යුත්තක් බවයි.
මෙම යෝජනාවට එරෙහිව නීතිඥවරුන් සියලුදෙනා අත්වැල් බැඳගෙන සිටින බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.




