උතුරු, නැගෙනහිර සහ මලෛයගම් ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සිදුව තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි.

එහිදී වර්තමාන ආර්ථික තත්ත්වයත් සමඟ එම ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම උතුරු නැගෙනහිර සහ මලෛයගම් ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පවතින ප්‍රවේශය, පාසල් අධ්‍යාපනය හා දරුවන්ගේ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.