ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා හෙට (7) සහ අනිද්දා යන දිනයන්හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව, මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ඇති.
මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ.
මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබනු ඇති.
එමෙන්ම, මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකද අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ.
මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබීමට නියමිතයි.
අදාළ ගිවිසුම් කිහිපය සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙනවා.




