මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටින භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, උන්වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීම සඳහා සකස් කර තිබූ තාවකාලික අට්ටාලය පවා කඩා දමා ඇති බවයි.

මෙම අවාසනාවන්ත ක්‍රියාකලාපය හරහා මහා සංඝරත්නයට දැඩි හිංසා පීඩා සිදුව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, වහාම මේ සඳහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. චීවරයට නිසි ගරුත්වය ලබා දෙමින්, අදාළ භික්ෂුන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට උන්වහන්සේලාගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.