Published
අවිධිමත් රාජතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරු කර කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ට නියම කළ වසර දෙකක සිර දඬුවම හා දඩය ඉවත් කොට තමන්ව එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය අද ප්රතික්ෂේප කළා.
තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.
මෙම නඩු තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය විසින් තවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.




