Published
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ජූනි මස 05 වනද ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මඟින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි.
මාධ්‍ය ක්ෂේත්රයේ සාමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනය සතු වනවා.
මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අපේක්ෂා කෙරෙනවා.




