හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

​ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

​ඔවුන් අද අලුයම 1.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

​ශිරන්ති රාජපක්ෂ මහත්මිය  සැප්තැම්බර් 24 වනදා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට ද නියමිතව ඇති පසුබිමකයි මෙම විදේශ ගතවීම සිදුව ඇත්තේ.