ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය මගින් වසර පහයි මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියට අදාළවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතාට එම චෝදනාව යටතේ නඩු පවරා තිබුණා.

සනත් නිශාන්ත මහතා මියගොස් ඇති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජගත් සමන්ත මහතා පමණයි.

ඒ අනුව පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණය විසින් ජගත් සමන්ත මහතාට නියෝග කළා.

එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවමක්ද හලාවත මහාධිකරණය විසින් ඔහුට නියම කර තිබෙනවා.