සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ නීතිඥවරුන් පිරිසක් අද පස්වරුවේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණියා.

ඒ තමා හා තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර විදියුත් තැපෑලෙන් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙන්ම එය ලිඛිතව ඉදිරිපත් කිරීම සදහායි.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ තම දරුවන්ට, තමාට සහ තම සැමියා වන සුරේෂ්  සලේ මහතාට ආරක්ෂාව දැන් අවශ්‍ය බවයි.