අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කල සත්‍යග්‍රහය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු සත්‍යග්‍රහයට එක්ව සිටින පුද්ගලයින් බැන වැදීමට යාමේදී එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා.