මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,567,007ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම මාසයේ ගත වූ පළමු දින හය තුළ පමණක් සංචාරකයින් 31,885 ක් මෙරටට පැමිණ තිබෙනවා.

එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 9,894 ක්.

ඊට අමතරව බි්‍රතාන්‍යය, ඕස්ටේ්‍රලියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ