ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනය ඉවත දමමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2016 වසරේ මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පළ කළ අදහස් තුළින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ ගොනු කළ එම චෝදනාවලට වැරදිකරු වූ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී මෙම බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කරනු ලැබුවා.




