ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යයේ රාත්‍රි පෙරහර අද වීදි සංචාරය කෙරෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍ය අංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා.

"සීනිගම දේවාලයේ 59 වන ඇසළ මංගල්‍යයේ පළවෙනි දිවා පෙරහැර රාත්‍රී පෙරහැර ඊයේ සාර්ථක ලෙස අපි නිම කරනු ලැබුවා. අද දිනයේත් රාත්‍රී පෙරහැර පැවැත්වෙනවා. එම පෙරහැර සීනිගම දේවාලයේ සිට තොටගමුව මංසන්ධිය දක්වාත්, නැවත දේවාලයට පැමිණ පෙරහැර නිම වෙනවා. අද දවසේ විශේෂ දෙයක් සිදුවෙන්න තියෙනවා, නෙත් එෆ්.එම්. මගින් දෙනු ලබන තේ පැන් දන්සල අද දිනයේ පැවැත්වෙනවා. ඒ සඳහාත් පෙරහැර නැරඹීම සඳහාත් ඔබ සැමට ආරාධනා කර සිටිනවා."

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 ඇසළ මංගල්‍යයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.