Published
හලාවත - සංඝතට්ටාන ප්රදේශයේ නිවසක තනිවම සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රන් දම්වැලක් කොල්ලකා පලා ගිය සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - දැදුරුඔය පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
80 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව පැළද සිටි රුපියල් 80,000 ක් පමණ වටිනා රන් දම්වැල සැකකරු කොල්ලකා පලාගොස් ඇත්තේ වැසි ඇද හැලෙන අවස්ථාවක කුඩයක් ඉල්ලා නිවසට පැමිණි අවස්ථාවේදියි.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි හලාවත පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.




