හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේන් ප්‍රධාන මාර්ගයට අද උදෑසනද යළිත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ රථ වාහන ගමන ගමනය එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන් බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙසට හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ.