හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් රථ වාහන ධාවනයට පැවති බාධා ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට අද උදෑසන පස් කන්දක් කඩා වැටී තිබුණා.
ඒ අනුව එම ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා හැටන් පොලීසිය එක්ව මාර්ගය මතට කඩා වැටී තිබූ පස් කන්ද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවනවා.
මේ අතර සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.




