ශ්‍රී පාද කදු මුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමග ශ්‍රී පාද මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති බව නල්ලතන්නි පොලීසිය පවසනවා.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට පෙරද ශාක සහිත පස් කදු කඩා වැටුණු ඇහැළ කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රි පාද මළුවට පිවිසෙන පිය ගැටපෙළ මත වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මෙම දිනවල ශ්‍රී පාද අවාරයේ ශ්‍රීි පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදි කටු පහන හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රි පාද උඩමළුව දක්වා ගමන් කළ හැකි වනවා.

පවතින අයහපත් කාලගුණ තත්වය පහව ගිය පසු එම මාර්ගයට කඩා වැටුණු ශාක කොටස් සහ පස් කන්ද ඉවත් කිරිමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.