හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර සහිතව අවසන් කටයුතු කිරිමට සියලු කටයුතු සුදනම් කර ඇති බවයි.
මේ අතර හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලඥයින් රැසක් ඊයේදි එක්ව සිටියා.
සී.ඩී.වික්‍රමරත්න මහතා පසුගිය 17 වනදා උදෑසන සිය මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේ දි වෙඩි වැදී මියගොස් තිබුණා.
ඔහු විසින්ම වෙඩි තබාගෙන මියගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂකයාගේ ගිනි අවියෙන් එලෙස වෙඩි තබාගෙන ඇති බවටද සදහන්.
සී ඩි වික්‍රමරත්න මහතා මෙලෙස දිවි හානිකර ගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට ද වාර්තා වුණා.
ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායි.
පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කර තිබෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු සී ඩි වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ඔහු ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස ඔහු සේවය කළා.




