ගායන  ශිල්පී චාමර රණවක මහතාට රුපියල් 20,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබා දුන් නියෝගයක් මතයි.

යතුරු පැදියකින් පුද්ගලයින් තුන්දෙනෙකු ගමන් කරමින් සිටි වීඩියෝවක් සමාජ මාධ්‍යය හරහා සංසරණය වී තිබෙනවා.

ඒ අනුව  සිදු කළ විමර්ශනවලට   අදාළව  ගායන ශිල්පී චාමර රණවක මහතා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

චාමර රණවක මහතා හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියෙන් ගමන් කිරීම, අධික ලෙස මගීන් පටවා ගෙන ගමන් කිරීම සහ අනාරක්ෂිත ලෙස යතුරුපැදිය ධාවනය කිරීම යන චෝදනා මත එලෙස අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.